AFC Banner
AFC Banner
Empty Ad

ශක්තිමත් ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස් වුණා.

එහිදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරුණා.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණවනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහි දී අවධාරණය කෙරුණා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබාගැනීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබාදීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡාව තිබෙනවා.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් දෙනු ලැබුවා.

ඒ, අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදාහැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා මම පස්ස බලන්නේ...
00:30
Video thumbnail
අශාන් - උෂාන් බලහත්කාරයෙන් පොඩි දරුවාට උදව් කරලා? කස්සප හිමිගෙන් ඇස් උඩ යන අනාවරණයක්
03:46
Video thumbnail
රාජ්‍ය සේවකයගේ පැත්තේ හිටගත්තු සීලරතන හිමි.
01:17
Video thumbnail
පළාත් පාලන ඡන්දෙන් අපි දිනනවා - කිරිඇල්ල සපත කරයි
01:23
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා තමයි - මම පස්ස බලන්නේ...
04:48
Video thumbnail
කඩුවෙල ආසනේ සංවිධායකයෙක් හිරුණිකාට කළ වාචික අකටයුතුකමට කට්ටියට ෆයර් වෙයි
03:27
Video thumbnail
මාලිමාව තාම ඉන්නේ වැඩ ඉගෙනගන්න ගමන් #npp
03:02
Video thumbnail
ඉදිරියේදී අපිට බලය ලබාගන්න පුළුවන් #hirunika_premachandra #shortsvideo #viralvideo
00:36
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
27:14
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28

?