ශක්තිමත් ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස් වුණා.

එහිදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරුණා.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණවනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහි දී අවධාරණය කෙරුණා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබාගැනීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබාදීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡාව තිබෙනවා.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් දෙනු ලැබුවා.

ඒ, අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදාහැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25