යතුරුපැදි ජාවාරම් කළ අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

පොළොන්නරුව, හම්බන්තොට, ඇල්ල වැනි විදේශීය සංචාරකයින් ගැවසෙන ස්ථානවල දෛනිකව කුලී පදනම මත ලබාදීමට තිබෙන යතුරුපැදි දෛනික කුලියට මිල දී ගෙන; එම යතුරුපැදි සඳහා ව්‍යාජ පොත් සකසා විකිණීමේ ජාවාරමක් හෙළි ව තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ වැටලීමක දී ඊයේ (09) රාත්‍රියේ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සන්තකයේ තිබී නොයෙකුත් ජාවාරම් සඳහා භාවිත කරන ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත්, වාහනවල පොත් සහ ලියකියවිලි රැසක් හා එම ලියකියවිලි සකස් කිරීම සඳහා යොදා ගන්නා පරිගණක උපාංග සහ මුද්‍රිත උපාංග රැසක් අත්අඩංගුවට ගැනුණා.

ඒ අතර ජාවාරමින් ව්‍යාජ ලෙස දෛනික කුලී මත ලබා ගන්නා ලද යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා වෙනත් අපරාධවලට සම්බන්ධතාවක් ඇත්ද යන්න පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීම සඳහා අද (10) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති අතර ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට නියමිතයි.

මෙම සැකකරුවන් පොළොන්නරුවේ පදිංචිකරුවන් බවත් අඹු – සැමියන් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල මාසික කුලී පදනමට ලබා ගන්නා ස්ථානවල පදිංචි වෙමින් අදාළ ජාවාරම සිදු කරගෙන යන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53