AFC Banner
AFC Banner
Empty Ad

මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

මිනුවන්ගොඩ – රෙජී රණතුංග විද්‍යාලය අසල සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (07) දහවල් මෙම වෙඩි තැබීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ සිදු කර පලා ගොස් ඇති බවයි.

මරණකරු ද වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට තිබෙනවා.

වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?