AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියානුවන් 18 දෙනෙකුත් රුසියානු යුද පිටියේ – 12 දෙනෙක් ජීවිතක්ෂයට

රුසියානු සන්නද්ධ හමුදාවන්හි ඉන්දීය ජාතිකයන් 18 දෙනෙක් තවමත් රැඳී සිටින බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් 16 දෙනෙකු අතුරුදහන් වූ බවට රුසියානු පාර්ශ්වය විසින් වාර්තාකර ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං සඳහන් කරන්නේ.

එමෙන්ම රුසියානු සන්නද්ධ හමුදාවන්හි කටයුතු කළ ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු රුසියානු-යුක්‍රේන යුද ගැටුම්වල දී මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම අතරමං වූවන්ගේ ආරක්ෂාව සහ නැවත ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය අඛණ්ඩව උත්සාහ කරන බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර රුසියානු සන්නද්ධ හමුදාවන්හි සේවය කළ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු රුසියානු-යුක්‍රේන යුද ගැටුම්වල දී මියගොස් ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

සමඟ ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු හමුදාව එක්ව සිටින බවත්, ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?