ඉන්දියානුවන් 18 දෙනෙකුත් රුසියානු යුද පිටියේ – 12 දෙනෙක් ජීවිතක්ෂයට

රුසියානු සන්නද්ධ හමුදාවන්හි ඉන්දීය ජාතිකයන් 18 දෙනෙක් තවමත් රැඳී සිටින බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් 16 දෙනෙකු අතුරුදහන් වූ බවට රුසියානු පාර්ශ්වය විසින් වාර්තාකර ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං සඳහන් කරන්නේ.

එමෙන්ම රුසියානු සන්නද්ධ හමුදාවන්හි කටයුතු කළ ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු රුසියානු-යුක්‍රේන යුද ගැටුම්වල දී මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම අතරමං වූවන්ගේ ආරක්ෂාව සහ නැවත ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය අඛණ්ඩව උත්සාහ කරන බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර රුසියානු සන්නද්ධ හමුදාවන්හි සේවය කළ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු රුසියානු-යුක්‍රේන යුද ගැටුම්වල දී මියගොස් ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

සමඟ ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු හමුදාව එක්ව සිටින බවත්, ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32