රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදු කෙරෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වාදීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට ජනතාවට හැකි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
මෙම නව ගෙවීම් ක්‍රමය රාජ්‍ය සේවයේ අංශ 16කට හඳුන්වාදෙනු ඇති.
අප්‍රේල් මස 30 වැනි දින වන විට තවත් අංශ 30කට මෙම පහසුකම සැපයීමට රජය බලාපොරොත්තු වන බවත් වාර්තාවනවා.
මේ හරහා ගෙවීමේදී සිදුවන වියදම රුපියල් 15ක් වැනි ගාස්තුවකට අඩු කිරීමට ද රජය බලාපොරොත්තු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
2
+1
+1
+1
+1