AFC Banner
AFC Banner
Empty Ad

කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණු උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාග කටයුතු අද (03) යළි ආරම්භ වනවා.

ඒ, අනුව අද දිනයේ යළි ආරම්භවන වාර විභාගය පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්වීමට නියමිත බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් සඳහන් කළේ.

විභාගය සඳහා අවශ්‍යවන ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට නිකුත් කර ඇති අතර, ඒවා අද දිනයේ දී අදාළ විදුහල්පතිවරුන් වෙත බෙදාහැරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?