කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබයි

2023 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් සිය වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන ලකුණු 195 පසුකර යන්නට අද (30) ඔස්ට්‍රෙලියාවේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා සමත් වුණා.

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ගාල්ලේ දී ක්‍රියාත්මක අද දිනයේ දී කවාජා සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ද හිමිකම් කීමට සමත් වුණා.

කවාජා මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි හි දී පළමු ඉනිමේ දී සිය වැඩිම ටෙස්ට් ලකුණ ලබාගෙන සිටියා.

එම වාර්තාව අලුත් කරගැනීමටත්, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තම මංගල ද්විත්ව ශතකය ලැබීමටත් සමත් වීමට කවාජා එල්ල කළ හතරේ පහර ගණන 16ක්.

ඊට හයේ පහරක් ද එක් වුණා.

ඔහු සිය ආරම්භය ට්‍රවිස් හෙඩ් සමග ලබාගත් අතර එම සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව එතෙක් ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවට එරෙහිව තුන්වැනි කඩුල්ලට තබා තිබූ ඉහළතම තෙවැනි ටෙස්ට් ලකුණු සබඳතාව ද ස්මිත් සමග අලුත් කරගනිමින් එය ලකුණු 266ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා.

එය බිඳ වැටුණේ සිය සගයා වූ නායක ස්මිත් ලකුණු 141කට දැවී යාමත් සමගයි.

කවාජාගේ මෙම අනර්ඝ ද්විත්ව ශතකයට පන්දු 290ක් ඇතුළත් වුණා.

එමෙන්ම ලොව ටෙස්ට් තරග ආකෘතියේ දී ද්විත්ව ශතක ලබාගත් 41 වැනි ක්‍රීඩකයා බවටත් අද දවසේ දී කවාජා පත් වූ අතර ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලැබූ 08 වැනි ක්‍රීඩකයා ලෙසටත් ඔහු ඉතිහාසගත වුණා.

මේ වනවිට ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිම කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 462ක් ලෙස ලියැවී තිබෙනවා.

සිව්වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින ජොෂ් ඉන්ග්ලිෂ් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 35ක්.

අද දිනයේ බිඳ වැටුණු ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ලේ අයිතිකාරයා වූයේ ජෙෆ්‍රි වැන්ඩර්සේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03