Clean Sri Lanka” වැඩසටහන මානුෂීයත්වය ප්‍රමුඛ කරගෙන කළ යුතු ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මානුෂීයත්වය ප්‍රමුඛ කරගෙන කළ යුතු ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (29) කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් නාරාහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සඳහා ඉඩමක් වෙන් කර ගැනීම, පළාත් පාලන ආයතනවල ඉදිරි සංවර්ධන සැලැස්ම, ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණා.

මහරගම සහ කැස්බෑව අතර සීමාවේ පවතින කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටළු විසඳාගැනීම, කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ පවතින අපිරිසිදු බව කඩිනමින් ඉවත්කිරීම සහ සීතාවක – නිරිපොළ වෙල්යායට අනාරක්ෂිත ලෙස කසළ බැහැර කිරීම නතර කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

“ජනතාව කාලයක සිට මුහුණ දුන් ගැටළු හේතුවෙන් ඔවුන් බලාපොරොත්තු වූ පරිවර්තනය වෙනුවෙන් පසුගිය මැතිවරණයේ දී ජනතාව ඡන්දය ප්‍රකාශ කළා. රජයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා ජනතාව බලාපොරොත්තු වූ වෙනස වෙනුවෙන් කටයුතු කරන්න. Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසිදු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නෙමෙයි. හැසිරීම සහ මානුෂිය සබඳතාවල ගුණාත්මකභාව ඇති කිරීමත් අවශ්‍යයි. Clean Sri Lanka තුළින් බලාපොරොත්තු වෙන්නේ සියලු අංශයන්ගේ ප්‍රතිසංවිධානය කිරීමක්. ඒ සඳහා ජනතාව තුළ සංවාදයක් ඇතිවිය යුතුයි. ඔබ සිටින තැන ඔබෙන් ඉටුවිය යුතු වෙනස මොකක්ද කියලා ඔබම තීරණය කරන්න. ජනතාවට සංවේදීව, ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ජනතාව සේවාව ගැන සෑහීමකට පත් වෙන එකයි වැදගත්. මේක චක්‍ර ලේඛ ගහලා කරන්න ඕන දෙයක් නෙමෙයි” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56