හිටපු ජනපති රනිල්ගේ අත්සනින් ගිය ලිපියක් ගැන විශේෂ විමර්ශනයක් -CID

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කර ඇතැයි කියන විශේෂ නියෝගයක් ඇතුළත් ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට දන්වා තිබෙනවා.

දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට ඔහුගේ ජාවාරම කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසට කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, එවකට ආරක්ෂක ලේකම්වරයාට සහ ජනාධිපති ලේකම්වරයාට මෙම නියෝග සහිත ලිපිය යවා ඇති බවත් එම ලිපිය සත්‍ය එකක් ද එසේත් නැතිනම් අසත්‍ය එකක් ද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරිය දැනුවත් කර තිබෙනවා.

මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමුකර ඇති බවත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ද ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබෙනවා.

ඉදිරිපත් කරුණු සියල්ල සළකා බැලීමෙන් අනතුරුව මෙම ලිපිය ව්‍යාජ එකක් ද එසේත් නැතිනම් සත්‍ය එකක් ද යන්න පිළිබඳව විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් විමර්ශන නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31