වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයේ තවත් සැකකරුවන් තුනක් අල්ලයි

මහනුවර, වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී ඝාතනය සඳහා භාවිත කළ බව කියන කඩු 04ක් සහ මුදලින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනෙක් සැකකරු ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව මොවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සඳහා යොදාගත් කඩු 04ක් තලංගම ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගත බවයි වාර්තා වුණේ.

සැකරුවන් අපරාධයට පැමිණි මෝටර් රථය ද තලංගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් තුළ දමාගොස් තිබිය දී පසුගිය දා පොලිසිය විසින් සොයා ගත්තා.

අදාළ මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ඔහුගේ වෙළෙඳසැලට යාබද වෙළෙඳසැළේ මාළු ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පපොච්ච්රණය කර තිබෙනවා.

ඒ, අනුව මෙම ඝාතනය සිදුකළ බවයි සැකකරුවන් වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

පසුගිය 03 වැනිදා මහනුවර, වත්තේගම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා මාළු ව්‍යාපාරිකයෙකු වූ සංජීව වසන්ත කුමාර හෙවත් අමිල ඝාතනය කර තිබුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03