Friday, January 10, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අලුත්දිවුල් වැවේ බැම්ම කැඩී යාමේ අවදානමක – පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත (ඡායාරූප)

ගලෙන්බිඳුනුවැව – අලුත්දිවුල් වැවේ වැව් බැම් කැඩී යාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් අවදානම් තත්ත්වයේ සිටින පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත් එම වැව් බැම්මේ අවදානම් ස්ථාන වැලි කොට්ට අතුරා සකස් කිරීමට යුද හමුදා සෙබළුන් කටයුතු කරමින් සිටින බවයි ගලෙන්බිදුණුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

අලුත්දිවුල්වැවේ සොරොව්ව ආශ්‍රිතව වැව් බැම්මේ ඇති වී තිබෙන විශාල උමයක් හේතුවෙන් මේ වනවිට වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගලෙන්බිඳුනුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට වැවේ ඇති උමග ආශ්‍රිත ප්‍රදේශය වැලි කොට්ට අසුරා ආරක්ෂා කිරීමටත් පවතින අවදානම සලකා බලා වැවෙහි ජල මට්ටම අඩුමට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.

අක්කර අඩි 7,200ක ජල ධාරිතාවකින් යුත් මෙම ජලාශයේ; පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ වැඩි ජල ප්‍රමාණයක් එක්රැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගම්වාසීන් පවසන්නේ කලක සිට පැවති කුඩා ජල කාන්දුවක් මෙලෙස වර්ධනය වී බැම්ම කැඩී ඇති බවයි.

මෙලෙස වැව් බැම්ම අනතුරුදායක තත්ත්වයක පැවතීමත් සමඟ ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහ විදුහල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Image 2025 01 10 at 3.07.28 PM
WhatsApp Image 2025 01 10 at 3.07.30 PM
WhatsApp Image 2025 01 10 at 3.07.26 PM
WhatsApp Image 2025 01 10 at 3.07.25 PM 1
WhatsApp Image 2025 01 10 at 3.07.25 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබර් දුම්මල වරම අතට අරගනී - සැර කතාවක් කරයි
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි - විදුලිබල මණ්ඩලයේ සෙල්ලම් එළියට දමයි
13:32
Video thumbnail
බොරුවෙන් මුලාවෙන් සීමිත කාලයකට මිනිස්සු රවට්ටන්න පුළුවන්
05:30
Video thumbnail
විපක්ෂ නායකගේ වගකීම තමයි අපේ නායකයා පාර්ලිමේන්තුවේ කරන්නේ
05:25
Video thumbnail
ඇතුළට යන්න කළින් උදයංගගෙන් රතු එළි
02:27
Video thumbnail
බන්ධනාගරයේ හෙළුව එළියට - මෙන්න තිත්ත ඇත්ත
02:53
Video thumbnail
ඇමති නාමල් හම්බවෙන්න කොළඹ ආපු පරණ යාළුවෝ - ඇමති නාමල්ට සැර දාපු හැටි
09:24
Video thumbnail
මාධ්‍ය එක්ක රණ්ඩුවෙලා ආණ්ඩුවට ඉදිරියට යන්න බෑ
04:09
Video thumbnail
සරනාගතයින් මුවාවෙන් රටට ඇවිල්ලා නැවත පාස්කු වගේ ප්‍රහාරයක් එල්ල වෙන්න පුලුවන්
09:08
Video thumbnail
මේ දවස්වල බාස්මතී කියලා ලොකු ගානක් දීලා කෑවේ මේ හාල්ද?
06:16

?