අලුත්දිවුල් වැවේ බැම්ම කැඩී යාමේ අවදානමක – පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත (ඡායාරූප)

ගලෙන්බිඳුනුවැව – අලුත්දිවුල් වැවේ වැව් බැම් කැඩී යාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් අවදානම් තත්ත්වයේ සිටින පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත් එම වැව් බැම්මේ අවදානම් ස්ථාන වැලි කොට්ට අතුරා සකස් කිරීමට යුද හමුදා සෙබළුන් කටයුතු කරමින් සිටින බවයි ගලෙන්බිදුණුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

අලුත්දිවුල්වැවේ සොරොව්ව ආශ්‍රිතව වැව් බැම්මේ ඇති වී තිබෙන විශාල උමයක් හේතුවෙන් මේ වනවිට වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගලෙන්බිඳුනුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට වැවේ ඇති උමග ආශ්‍රිත ප්‍රදේශය වැලි කොට්ට අසුරා ආරක්ෂා කිරීමටත් පවතින අවදානම සලකා බලා වැවෙහි ජල මට්ටම අඩුමට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.

අක්කර අඩි 7,200ක ජල ධාරිතාවකින් යුත් මෙම ජලාශයේ; පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ වැඩි ජල ප්‍රමාණයක් එක්රැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගම්වාසීන් පවසන්නේ කලක සිට පැවති කුඩා ජල කාන්දුවක් මෙලෙස වර්ධනය වී බැම්ම කැඩී ඇති බවයි.

මෙලෙස වැව් බැම්ම අනතුරුදායක තත්ත්වයක පැවතීමත් සමඟ ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහ විදුහල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Image 2025 01 10 at 3.07.28 PM
WhatsApp Image 2025 01 10 at 3.07.30 PM
WhatsApp Image 2025 01 10 at 3.07.26 PM
WhatsApp Image 2025 01 10 at 3.07.25 PM 1
WhatsApp Image 2025 01 10 at 3.07.25 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30