ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න උපදෙස්

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කරමින් 2024 මහ මැතිවරණය සඳහා ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් 1,042 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඊට අමතරව එම ආදායම් වියදම් වාර්තා භාර නොදුන් පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් 197 දෙනෙකුට එරෙහිව ද පරීක්ෂණ පවත්වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, අනුව කොට්ඨාස භාර නිලධාරීන් විසින් ජනවාරි 31 වනදාට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබාගැනීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිරණයක ප්‍රථිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදයම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරීයා වෙත භාරදීම සිදුකළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12