හොරෙන් දුම්වැටි ගෙනා තරුණියක් හා තරුණයෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා අද (03) අලුයම 05.15ට ඕමානයේ මස්කට් නුවර සිට, ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා මෙම විදේශීය දුම්වැටි තොගය තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 39,600ක් අඩංගු දුම්වැටි කාටූන් 198ක් තිබී සොයා ගැනුණා.

සැකකරුවන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ඩුබායි සමාගම සේවය කළ ලාංකිකයෙක්.

අනෙක් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

ඔවුන් සියලුම නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මළු තුළ සඟවා තිබූ දුම්වැටි තොගය සොයාගැනුණා.

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර එළඹෙන 08 වැනි දින සැකකරුවන් සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?