හොරෙන් දුම්වැටි ගෙනා තරුණියක් හා තරුණයෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා අද (03) අලුයම 05.15ට ඕමානයේ මස්කට් නුවර සිට, ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා මෙම විදේශීය දුම්වැටි තොගය තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 39,600ක් අඩංගු දුම්වැටි කාටූන් 198ක් තිබී සොයා ගැනුණා.

සැකකරුවන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ඩුබායි සමාගම සේවය කළ ලාංකිකයෙක්.

අනෙක් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

ඔවුන් සියලුම නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මළු තුළ සඟවා තිබූ දුම්වැටි තොගය සොයාගැනුණා.

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර එළඹෙන 08 වැනි දින සැකකරුවන් සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12