තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 8ක් මේ මොහොතේ  සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිළධාරී වසමත්, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස් වත්ත ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදෙකලා වනු ඇති.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය සහ පිංවත්ත – බටහිර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ රත්මැටිය ග්‍රාම නිලධාරී වසම සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි – උතුර පොලිස් බල ප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්