කොවිඩ් මරණ 700ට ආසන්නයි – මරණ 9ක්

තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 696ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 94 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ලෙව්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තැන්නෙකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්,  මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කත්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වරකාමුර ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්