වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ ‘නැණ පහන පදනම’ මූලිකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ට හිසකෙස් දන්දීමේ පිංකමක් පැවැත්වුණා.
මෙම පිංකම සංවිධානය කර තිබුණේ වැලිගම – කප්පරතොට සිරි ඛෙත්තාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය කොටපොල සුනීත ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි යි.
කප්පරතොට තරුණ කැළ ප්‍රථම වරට මෙම පිංකම සංවිධානය කරනු ලැබුවා.
වැලිගම, කප්පරතොට ප්‍රදේශවාසීන් හා ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලින් හා විවිධ ප්‍රදේශවල බොහෝ පිරිසක් ද මෙම පිංකමට එක් වුණා.
එමෙන්ම හිසකෙස් රහිත රෝගීන් හට විග් ලබා දීම ද මෙහිදී සිදු කෙරුණු බවයි පැවසෙන්නේ.














This is good. But we all must prevent cancer. First prevent small childrens eating KOTTUMEE. Likewise there are so many food items freely available in the market put all in trouble.