නො කියා ම ගිය ප්‍රියා වෙනුවෙන් අවසන් ගෞරවයට විපක්ෂ නායක එයි – කලා තරු රැසකුත් ඒ අතර (වීඩියෝ)

මෙරට සම්මානිත කෘතහස්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ අවසන් කටයුතු හෙට (27) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

මෙම අසහාය ගායකයා දිගු කලක් රෝගාතුරව සිටි අතර; පෙරේදා (24) අලුයම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී අප අතරින් සමුගත්තා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා පසුවූයේ 80 වැනි වියෙහියි.

එමෙන්ම අද (26) පස්වරු 02 සිට පස්වරු 04 තෙක් ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඉන් අනතුරුව අද පස්වරු 06 සිට හෙට පස්වරු 03 තෙක් දේහය බොරැල්ල කනත්ත අසල පිහිටි ජයරත්න රෙස්පෙක්ට් ශාලා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති.

සදා මතකයේ රැඳෙන නො මැකෙන ගීත ගණනාවක් රසිකයාට තිළිණ කළ ප්‍රියා සූරියසේන සූරින් හට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දිනයේ දී විවිධ දේශපාලන නායකයින්, ආගම් නායකයින් සේ ම මෙරට කලා තරු ද එක් ව සිටියා.

ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රියා සූරියසේන මහතා වෙත අවසන් ගරුත්වය දැක්වීමට පැමිණියා.

මීට අමතරව ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා, පුන්සිරි සොයිසා, කරුණාරත්න දිවුල්ගනේ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, උරේෂා රවිහාරි ඇතුළු කලා තරු රැසක් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18