අනවසරයෙන් විදුලි රැහැන් ඇද මැණික් ගැරූ තිදෙනෙකු විත්ති කූඩුවට

අනවසරයෙන් විදුලි රැහැන් ඇද කෙසෙල්ගමුඔයේ මැණික් ගැරූ පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් ඊයේ 924) අත් අඩංගුවට ගෙන ඇත්තේ නෝර්වුඩ් පොලිසිය කළ වැටලීමක දී බවයි.

කිසිදු බලපත්‍රයක් රහිත ව කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මෙම ඔයෙහි මැණික් ගැරීම සුලබ ජාවාරමක් ලෙසයි වාර්තා වන්නේ.

එබැවින් මෙම සැකකරුවන් ද සූක්ෂ්ම අයුරින් මැණික් ව්‍යාපාරය කරගෙන යාමට උත්සාහ කිරීමේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් උපකරණ රැසක් ද සොයා ගැනුණා.

සැකකරුවන් කෙසෙල්ගමුඔය අසල පිහිටි නිවසක සිට අනවසරෙන් විදුලිය ලබාගෙන පිටතට ශබ්දය නොඇසෙන සේ මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට හාරා තිබු වළෙහි වතුර ඉසීමට විදුලියෙන් ක්‍රියා කරන විදුලි මෝටරයක් ද උපයෝගී කරගෙන ඇති බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොල, රත්නපුර සහ බගවන්තලාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35-50 වයස් කාණ්ඩවල පසුවන අය යි.

සැකකරුවන් එළඹෙන 31 වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18