ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට කුවේටයේ ඉහළතම සිවිල් සම්මානය හිමිව තිබෙනවා.
”ද ඕඩර් ඔෆ් මුබාරක් අල් කබීර්‘ (Order of Mubarak Al-Kabeer) නමැති මෙම සම්මානය කුවේට් රාජ්‍යයේ පිරිනැමෙන්නේ රට ගොඩනැගීම සඳහා අතිවිශාල මෙහෙවරක් කළ සිවිල් වැසියන් හටයි.
ඉන්දීය අගමැතිවරයා ඉන්දු – කුවේට් සබඳතා ශක්තිමත් කරලීමට දැරූ උත්සාහයන් අගය කිරීමක් වශයෙනුයි මෙම සම්මානය ඔහු හට හිමි වුණේ.
අදාළ සම්මානය කුවේට් ෂෙයික් මෙෂාල් අල් අහමඩ් අල්-ජාබර් අල්-සබා (Sheikh Meshal Al-Ahmad Al-Jaber Al-Sabah) විසින් පිරිනමනු ලැබුවේ බයාන් පැලස් හි පැවති උත්සවයකදියි.
මෙම නයිට් පදවිය පිරිනැමීම කුවේට් රජු මුබාරක් අල් – කබීර්ගේ නියෝගය මත සිදු කෙරුණා.
දෙරටේ රාජ්‍ය නායකයින්, විදේශීය තානාපතිවරුන් සහ රාජකීය පවුලේ සාමාජිකයින් මේ සඳහා වෙන් කර ඇති අතර බොහෝ අවස්ථාවල අදාළ සම්මානය හිමිවූයේ එම පැළැන්තිය හටයි.
මෙම සම්මානය මීට පෙර චාල්ස් කුමරු, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් වෙත ද පිරිනැමී තිබෙනවා.