ඇතැම් පුද්ගලයින් දිවැස් ප්‍රසාදීවරුන් ලෙස පෙනී සිටිමින් ආගම් අතර අසමගියක් ඇත කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
රාගම – තේවත්ත ප්‍රදේශයේ දේවස්ථානය පැවති උත්සවයකට සහභගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙලෙස තමන් ප්‍රසාදී තත්ත්වයකට පත්ව ඇති පවසන එම පුද්ගලයා, දෙවන වතිකානු සම්මන්ත්‍රණ සභාවේ පිළිගනු ලැබූ ප්‍රතිපත්තියක් උල්ලංඝනය කරමින් අන්‍යාගමික සහෝදරයන් අතර තිබෙන සහයෝගීතාවය බිඳ දැමීමේ හා එම ආගම්වලට නිග්‍රහ කිරීමේ උත්සාහයක නිරත වන බව ද කාදිනල් හිමිපාණන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.














Yes true. There are self claimed prophets , some even give holy communion to persons of other faiths