ගාල්ල – උණවටුණ ප්‍රදේශයේ හෝටලයක සේවකයන් විසිදෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එම හෝටලයේ නේවාසික පහසුකම් ලබාගත් තුන්දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තාවීමෙන් පසු එහි සේවකයන් 255 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් මේ බව අනාවරණ වී ඇති බවයි උණවටුන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. තවත් සේවකයින් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර 15 දෙනෙකු එම හෝටලයේ හුදෙකලා ප්‍රදේශයක නිරෝධායනයට යොමුකර බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1