චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25 වැනි සංවත්සරය සමරයි

‘මැකව් විශේෂ පරිපාලන කලාපය’ යනු චීනයේ මධ්‍යම රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක පාලන ප්‍රදේශයක්.

එය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය අද (20) පැවැත්වුණා.

ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම සංවත්සරය සැමරී‍මේ සම්මේලනයට සමගාමී ව මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6 වැනි රජය දිවුරුම් දීම ද සිදු කෙරුණා.

මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් සහයෝගය යටතේ විශේෂ ලක්ෂණ සහිතව ‘එක් රටක් – ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියා.

වර්තමානයේ මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා.

එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් ද දැක ගත හැකියි.

ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

“එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් සහාය ඇතිව, මැකව් කලාපයට නිසැකවම නව දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?