Empty Ad
Empty Ad
AFC Banner

ඇඹුල්දෙණියේ සරුවට පෙරපු කසිප්පු තොගය අහුවෙයි (වීඩියෝ)

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට හැකි ව තිබෙනවා.

අද (11) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් කසිප්පු නමැති මත්පැන් පෙරා, ඒවා බෝතල් කරමින් ප්‍රදේශය පුරා බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී මත්පැන් ගෝඩා මිලිලීටර් 1,068,750ක තොගයක් සොයා ගැනුණා.

සොයාගත් මත්පැන් බැරල් ගණන 06ක්.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?