5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගයට දින දෙයි

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්හි විභාගය දෙසැම්බර් 16 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) දින නියම කළා.

පෙත්සම එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි ඒ බව නියෝග කෙරුණේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඬුල්ල පවසා සිටියා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා ඇතුළු වගඋත්තරුකරුවන් වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන අය පෙනී සිටියා.

  1. අම්මලාටයි තාත්තලාටයි විභාගේ ලියන්න කියලා ප්‍රතිඵල නිකුත් කරන්න
    උන්ට පිස්සු පොඩ්ඩොන්ව ආයෙත් විභාගෙට ඉන්දවන්න අකමැති පිරිසකුත් ඉන්නවා මෙ රටේ මාත් ඇතුළුව ඉතින් අපිත් පාරට බහින්නද කියන්නේ මුන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54