ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (06) යි.

දෙරට අතර තරගය ඊයේ (05) Gqeberha ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමිකර දෙමින්.

ඒ අනුව නායක ටෙම්බා බවුමා පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු ත්‍රිත්ත්වය ම ලකුණු 50කට අඩුවෙන් දැවී ගිය ද, නායක බවුමා සමග එක් වූ රික්ල්ටන් ලකුණු 133ක විශිෂ්ට සබඳතාවක් සිව්වැනි කඩුල්ලට ගොඩනැගුවා.

අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ බවුමා දැවී යද්දී ඔහු ලකුණු 78ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් මංගල ශතකය වාර්තා කරන්නට Ryan Rickelton සමත් වූ අතර ඔහු ලකුණු 101ක් තුළ දවාගත්තේ ළහිරු කුමාර විසින්.

ඊයේ දිනය නිමා වනවිට දකුණු අප්‍රිකාව කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 269ක් ලබා සිටියා.

8 වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ නොදැවී ලකුණු 48ක් සමග Kyle Verreynne.

කඩුලු බිඳ දැමීමේ දී ළහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54