Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

රුහුණු කතරගම බස්නායක නිලමේට අතුරු තහනම් නියෝගයක්

තිස් වසරක බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට බදු දී ඇති රුහුණු කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 500ක් බදු ගිවිසුම අවසන් වීමට පෙර හෝ එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය රුහුණු කතරගම බස්නායක නිලමේවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැඩිගම ගෘප් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්විම් සලකා බැලු නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

සිය සේවාදායකයා විසින් වසර 30ක බදු කාලයක් සඳහා ලබා ගත් එම ඉඩම කෘෂිකාර්මික කටයුතු සඳහා තුන්වන පාර්ශ්වයකට බදු දී ඇති බවත්, එම ගනුදෙනුව නිත්‍යානුකුලව සිදු කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

නමුත් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා අනීතික අන්දමින් මුල් බදු ගිවිසුම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ද නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව නුගේගොඩ දිසා අධිකරණය එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
00:00
Video thumbnail
අපි රැවටුනා කියලා - මිනිස්සු දැන් සමාජ මාධ්‍යවල දානවා - මම මහින්ද මහත්තයා එක්ක හැමදාම ඉන්නේ
01:56
Video thumbnail
SB බඩු ගන්න කොටුවට යයි - හරිනිට විතරද පුළුවන් - මම ගියාම නරකද
01:52
Video thumbnail
හඳුන්නෙත්ති කිව්වට එහෙම නිධන් හාරන්න බෑ කාටවත්
40:12
Video thumbnail
මාධ්‍ය ඉදිරියේ අසරණ වුණ පවිත්‍රා පාර දිගේ දුවයි - කොහොම තිබ්බ කටක්ද? දැන් මීක් නෑ
01:14
Video thumbnail
සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ මෙන්න මෙයා...රත්තරං සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු බදුල්ලේ දෙමළ කෙල්ලගේ මංගල කතාව මෙන්න
10:06
Video thumbnail
පොල් වෙනුවට පිටි කළ පොල් කන්න කිව්වට සජබයට තදවෙයි
18:15
Video thumbnail
අපි ඇත්ත කියලා පැරදුනා - එයාලා බොරු කියලා දින්නා
03:56
Video thumbnail
ඇමති වසන්ත එකවරම නැඟිටලා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
11:38

?