Tuesday, December 3, 2024
Empty Ad
AFC Banner

මහ විරු දින සැමරුම ගැන සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් බෙදාහැරි තරුණයා රක්ෂිත බන්ධනාගාරයට

මහ විරු දින සැමරුම සම්බන්ධව සමාජ මාධ්‍යය තුළ පෝස්ටුවක් බෙදාහැරීම සම්බන්ධයෙන් මාතර පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා එළඹෙන 17 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

සැකකරුව අද (03) බද්දේගම දිසා/ මහේස්ත්‍රාත් විනිසුරු සනත් නානායක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බද්දේගම – කිරිබතාවිල පදිංචි එදිරිසූරිය මද්දුමගේ ජනිත චතුරංග නමැති 28 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයාව අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී ඔහුගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?