මැති ඇමතිවරුන් හා හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම ගැන අධ්‍යයනය කරනවා

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමතිවරුන් වරප්‍රසාද සීමා කිරීමට අදාළව සකස් කළ කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අද (03) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම ඊයේ (02) සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්