Empty Ad
Empty Ad
 Empty Ad

ඇල්ල – පස්සර මාර්ග‍යේ කොටසක් වැසෙයි

ප්‍රදේශයේ පැවැති දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල – පස්සර මාර්ගයේ 17 වන කිලෝමීටර් කණුව අවට ප්‍රදේශවල තිබූ ගස් රැසක් අද (28) මාර්ගය වෙත කඩා වැටී ඇති අතර තවත් ගස් කඩාවැටීමේ අවදානම පවත්නා බැවින් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එස්. එස්. හෙන්නායක මහතා පැවසුවේ; මේ වන විටත් ගස් රැසක් මාර්ගය වෙත කඩා වැටී ඇති අතර ගමන් ගන්නා වාහනවල සහ මගීන්ගේ ආරක්‍ෂාව පතා මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් සුළං තත්ත්වය පහ වූ වහාම ඉතා කඩිනමින් මාර්ගය යථා තත්ත්වයට පත්කර වාහන ගමනාගමනයට විවෘත කරන බව ද විධායක ඉංජිනේරුවරයා පැවසුවා.

පෙරේදා (26) දින සිට පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ මෙලෙස ගස් කඩා වැටෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම්දෙන තුරු භාවිත නොකරන ලෙසට ද දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කංචන විජේසකරත් - නිමල් සිරිපාලත් CID ගෙන්වයි - මාධ්‍ය මගඇරලා දිව්වේ මෙහෙමයි
01:25
Video thumbnail
සමරන්නේ නෑ කිව්වට යාපනයේ මහවිරු සැමරුම ජයටම කරපු හැටි මෙන්න
12:31
Video thumbnail
බන්දුල ගුණවර්ධනත් CID යට ගෙන්වයි - අහන ප්‍රශ්න වලට මාධ්‍ය ඉදිරියේ ගොළු වෙයි
02:17
Video thumbnail
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණයේ නවතම තතු එක පෙළට | 🔴DASATHA WEATHER ALERT | LIVE
34:06
Video thumbnail
උසස් පෙළ විභාගය සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමක් - උසස් පෙළ විභාගය යළි ආරම්භකරන්නේ දේසැම්බර් 4 වැනිදායි
08:05
Video thumbnail
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කරයි - නවතම දර්ශන මෙන්න
02:34
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට සුළි සුළං අදත් #breakingnews #wheather
03:20
Video thumbnail
Breaking News 🛑
02:05
Video thumbnail
අලිකොට ආර හා කවුඩුල්ල ජලාශවල වාන් දොරටු විවෘත වෙයි
02:55
Video thumbnail
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ත්‍රීකුණාමලයට දැඩි බලපෑම්
01:28

?