Empty Ad
Empty Ad
 Empty Ad

සුළි කුණාටුවේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය මුලතිව් – අවධානයෙන් සිටින්න

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් ම උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති වට්ටුවාකල්
පාලම අඛණ්ඩව පස්වන දිනටත් ජලයෙන් වැසී පවතින බවයි වාර්තා වන්නේ.

මුලතිව් දිස්ත්‍රික්කයට ඊයේ (27) රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ ජල ගැලීම් තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ පවුල් 1495කට අයත් පුද්ගලයින් 4644 ක් අවතැන්ව සිටින බව පැවසෙනවා.

එමෙන්ම උතුරු පළාතේ පවුල් 23786කට අයත් පුද්ගලයින් 78530 දෙනෙකු මේ වනවිට (28) ආපදාවට ලක් ව ඇති බව වාර්තා වනවා.

උතුරු පළාතේ වැඩිම පිරිසක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් පීඩාවට පත්ව ඇති අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 18774කට අයත් පුද්ගලයින් 61674 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ තාවකාලික සහන කඳවුරු 73ක පවුල් 2845කට අයත් පුද්ගලයින් 9156 දෙනෙකු රැඳී සිටින බවත්, ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීම සිදු කරන බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් ප්‍රකාශ කළා.

මන්නාරම දිස්ත්‍රික්කයට අනතුරුව උතුරු පළාතේ වැඩිම පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටිනවා.

යාපනය දිස්ත්‍රික්කය තුළ පවුල් 2706කට අයත් පුද්ගලයින් 9642 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1495කට අයත් පුද්ගලයින් 4644 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම්වලින් අවතැන් ජනතාව වෙනුවෙන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 09 ක් ස්ථාපිත කොට ඇති අතර, අදාළ රැඳවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 218කට අයත් පුද්ගලයින් 686 දෙනෙකු රැඳී සිටින බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවල සටහන්.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටි පවුල් 811කට අයත් පුද්ගලයින් පුද්ගලයින් 2750 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇති අතර, දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ විශාල පිරිසක් පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

උතුරු පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය – ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කොට ඇති බැවින් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආපදා තත්ත්වය ක්‍රමයෙන් ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අවධාරණය කරනවා.

ආපදා තත්ත්වය ඉහළ ගියහොත් ඊට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළා.

උතුරු පළාතේ ප්‍රධාන මාර්ග වන මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන මාර්ගය, යාපනය නුවර මාර්ගය, වවුනියාව සිට මන්නාරම දක්වා මාර්ගය, යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වන මාර්ගය, මන්නාරම සිට පුත්තලම දක්වා වන මාර්ගය, මන්නාරම සිට පුනරීන් හරහා යාපනය දක්වා වන මාර්ගය යන මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යට වී ඇති බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

උතුරු – නැගෙනහිර පළාත්වල ධීවරයින්ට මුහුදු නොයන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව නිවේදනය කර තිබෙනවා.

උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයට ආසන්නයෙන් සුළි කුණාටුවේ කේන්ද්‍රය පවතින බැවින් අද (28) දිනයේ වැඩි වර්ෂාපතනයක් උතුරු පළාතට ඇතිවිය හැකි බැවින් ජලාශ ආශ්‍රිත පිරිස් දැඩි අවධානයෙන් පසුවන ලෙසටත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ දරුවාගෙන් ජංගම දුරකතනය ටිකෙන් ටික ඈත් කරන්න
04:26
Video thumbnail
අම්බුළුවාව ප්‍රදේශයේ මඩ ගලනයක් #climate #wheather #shortvideo
00:24
Video thumbnail
වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු ඇරෙයි #shorts #viralvideo #wheather
00:11
Video thumbnail
ගං වතුර නිසා පැල උඩ කොටුවුණ පුද්ගලයා බේර්ගත්තේ මෙහෙමයි - ඔය දෑත් වලට හැමදාමත් බුදු සරණයි
01:22
Video thumbnail
උතුරේ හමුදා කඳවුරු 04ක් ඉවත් කරලා - ආණ්ඩුව මොන සෙල්ලමකටද එන්න හදන්නේ ?
01:49
Video thumbnail
මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරි වසරේදී රටේ ආරථිකය සුබදායී තත්ත්වයට
39:05
Video thumbnail
සන්තානම් මැණියනේ ඒකටනම් පපුව හෝස් ගාලා ගියා - තෙමහල් නිවසක් නාය යයි
01:16
Video thumbnail
ජනාධිපති ඩයස්පෝරාවේ රූකඩයක් වෙලා? - ඊළඟ යුද්ධයට පිඹුරුපත් සකසමින් ඉන්නවා
02:23
Video thumbnail
දිව දෙකේ කතා කියන එක ජනාධිපතිගේ සහජ හැකියාව
03:59
Video thumbnail
අනුර කුමාර දිසානායක අලුත් වාර්ථාවක් තියලා තියෙනවා #anurakumaradissanayake
03:53

?