Empty Ad
Empty Ad
 Empty Ad

ඉදිරි පැය 12 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉදිරි පැය 12 තීරණාත්මක වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරු 8.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් මෙම පීඩන අවපාතය වර්ධනය වෙමින් පැවති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පීඩන අවපාතය දිවයිනෙන් නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඉදිරි පැය 12ක කාලය තුළ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට ඉතාමත් තද වැසි සමග සුළි සුළං බලාපොරොත්තු විය හැකි බවත්, එම තත්ත්වය ම මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය හා කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වන වැසි තත්ත්වය සමග එය මිලිමීටර් 75ක අගය ඉක්මවා යා හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට එම වැසි තත්ත්වය මිලිමීටර් 150ක අගය දක්වා වර්ධනය විය හැකි බව ද වාර්තා වනවා.

මේ අතර ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පවුල් දහස් ගණනින් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවුල් 1862 ක පුද්ගලයන් 5976 දෙනෙකු ගංවතුර බලපෑමට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසුවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අර්ධ නිවාස හානි 11ක් ද එම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මැදවච්චිය , හොරොව්පතාන , කහටගස්දිගිලිය සහ මහා විලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුද්ගලයන් 364 දෙනෙකු සුරක්ෂිත ස්ථානවල රඳවාලමින් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇති බවත් නොච්චියාගම සහ රාජාංගනය යාය 18 පුද්ගලයන් 94 දෙනකු ද සුරක්ෂිත ස්ථානවල රඳවාලමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම කලා වැව, රාජාංගණය, මහවැලි ගඟ, කැළණි ගඟ, කාසල්රී, විමලසුරේන්ද්‍ර, අංගමුව, දැදුරු ඔය, නිල්වලා ආදී ප්‍රධාන පෙළේ ගංගා සියල්ල ම මේ වනවිට වාන් දැමීම ආරම්භ කර තිබීමත් ඇතැම් වැව් වාන් දැමීමට ආසන්න මට්ටමේ පැවතීම ගැන ද තොරතුරු වාර්තා වනවා.

එබැවින් එම ගංගා, වැව් අවට පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිෂාඩ් බදියුදීන්ට වැඩ වරදියි.. පට්ට හොරෙක්, පට්ට දූෂිතයෙක්
06:17
Video thumbnail
කකුල ලිස්සලා වැටුනානම් බොඩිය හොයා ගන්නවත් නෑ - රෝමේ ගිනි ගනිද්දි වීනා වයන ලංකාවේ නීරෝ
01:14
Video thumbnail
මට ඕනේ නම් ඇමතිකම් ගන්න තිබුණා
01:27
Video thumbnail
2024.11.27 - පවතින ආපදා තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම | LIVE
31:21
Video thumbnail
වැවක් කියලද හිතුවේ.. නෑ නෑ, මේ මඩකලපුව - කොළඹ ප්‍රධාන පාර
01:28
Video thumbnail
මහ වැස්සේත් අස්වැසුම අයදුම්පත් ලබාගන්න දිගු පෝලිමක්
01:10
Video thumbnail
පිරිමි - පිරිමි අතර HIV සීග්‍රයෙන් ව්‍යාපත් විමක් - සෞඛ්‍ය අංශ මගින් ඇඟ හිරිවැටෙන අනාවරණයක්
07:53
Video thumbnail
හත්වලාමේ මටත් දුකයි.. කළු ගලක්නේ තියෙන්නේ
03:21
Video thumbnail
ආණ්ඩුව හරි - හර්ෂත් පිළිගනී
35:02
Video thumbnail
නලීන් ප්‍රනාන්දු CIDයෙන් එළියට එයි - අපි නීතියට ගරු කරන පුද්ගලයෝ
03:43

?