එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය දූත මණ්ඩලය විසින් පසුගියදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ‘හින්දි දිවාස්’ හි ‘දියමන්ති ජුබිලිය’ සංවිධානය කරනු ලැබුවා.
මෙම වැදගත් සිදුවීම හින්දි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමේ 75 වැනි සංවත්සරය සනිටුහන් කළා.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ද එක් වූ මෙම අවස්ථාවට රටවල් 40කට අධික සංඛ්‍යාවක නිත්‍ය නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, ඩයස්පෝරා සාමාජිකයින් එක් වුණා.
ඉන්දීය නිත්‍ය දූත මණ්ඩලය විසින් සංවිධාන කළ හින්දි භාෂාවෙන් රචනා ලිවීම, කවි සහ ප්‍රකාශන තරඟවල ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේ දී සිදු කෙරුණා.