ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතුයි – අගමැතිනිය

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක අශෝක රන්වල පවසනවා.

දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (25) පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් කථානායකවරයා මේ බව පැවසුවා.

පාර්ලිමේන්තුව තුළ විවිධ පක්ෂ සහ දේශපාලන නියෝජිතයන් සිදුකරන සංවාද තුළින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව මනා අවබෝධය සහ දැනුම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ කථානායකවරයා පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළා.

මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජනතාව ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බවයි.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින් යන ගමනේ දී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය පෙන්වා දුන්නා.

පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන ලෙසත් මෙම වැඩමුළුව සඳහා ඒ සඳහා රුකුලක් බවත් ඇය පෙන්වා දුන්නා.

මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත් වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින් සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළා.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා කෙරෙන කාර්ය භාරය පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කර සිටියා.

මන්ත්‍රීවරයන් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162 ක්ම නවක මන්ත්‍රීවරයන් වීම දසවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර පැවසුවා.

සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරයන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහ ‌ලේකම්වරිය තවදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව මන්ත්‍රීවරයන්ට පැහැදිළි කිරීමක් සිදුකළ අතර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදුකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42