නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් – මාර්ග කිහිපයකම ගමනා ගමනයට බාධා

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මාතර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ නිල්වලා ගංගාව පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් අකුරැස්ස, අතුරලිය යන ප්‍රදේශයන්ට මතුව ඇති බවයි.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

එමෙන්ම අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්‍රදේශයෙන් ගංවතුරින් යට වී ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අකුරැස්ස – අතුරලිය, කද්දුව මාර්ගය බලකාවල ඇතුළු ප්‍රදේශ ගණනාවකින් ගංවතුරින් යට වී තිබෙනවා.

මේ අතර අකුරැස්ස – වැලිකැටිය, ඇල්ලවෙල මාර්ගයේ උක්වත්ත ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් නාය ගොස් දැඩි හානියක් සිදුව ඇති බව වාර්තා වුණා.

ඊයේ (23) රාත්‍රී අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයට 16 වත්ත අසලින් කොටසක් නාය ගොස් ගමනා ගමනය ඇනහිට තිබු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (24) උදෑසන වන විට එක් මන්ත්‍රීරුවක පස් ගල් ගස් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරීය කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47