DIG නාලක සිල්වා සම්බන්ධ සියලු පරීක්ෂණ මාස 03 කින් අවසන් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබුවා.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (19) සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවයි.

ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ඔහුට උසස්වීම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ද සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.

ඒ, අනුව පෙත්සම්කරුට අදාළ සියලු පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ අතර අදාළ පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53