මත්ලෝලීන් අතර ජනප්‍රිය බෙහෙත් කරලක් තොග පිටින් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයන කළ ඖෂධ තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරායේ ගබඩාවක තිබී මෙම නීතිවිරෝධී ලෙස ආනයනය කළ ඖෂධ තොගය සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ.

වේදනා නාශකයක් ලෙස නියම කෙරෙන මෙම ඖෂධය මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් විසින් බහුලව භාවිත කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම වේදනා නාශකය ඖෂධයට වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ඖෂධ තොගය ඉන්දියාවේ සිට ආනයනකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලී ස්පීකර් පෙට්ටිවල සඟවා තිබිය දී මෙලෙස ඖෂධ කරල් මිලියන 1.8ක් පමණ සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15