මත්ලෝලීන් අතර ජනප්‍රිය බෙහෙත් කරලක් තොග පිටින් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයන කළ ඖෂධ තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරායේ ගබඩාවක තිබී මෙම නීතිවිරෝධී ලෙස ආනයනය කළ ඖෂධ තොගය සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ.

වේදනා නාශකයක් ලෙස නියම කෙරෙන මෙම ඖෂධය මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් විසින් බහුලව භාවිත කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම වේදනා නාශකය ඖෂධයට වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ඖෂධ තොගය ඉන්දියාවේ සිට ආනයනකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලී ස්පීකර් පෙට්ටිවල සඟවා තිබිය දී මෙලෙස ඖෂධ කරල් මිලියන 1.8ක් පමණ සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?