කනත්ත පසුපස මාවතෙන් මතු වූ මාරයා බිලිගත් ජීවිතය (වීඩියෝ)

බොරැල්ල – කනත්ත පිටුපස ඇති කිතුල්වත්ත පාර අසල දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇති බවයි බොරැල්ල පොලිසිය පැවසුවේ.

නාරාහේන්පිට – කිතුල්වත්ත පාරේ සිට අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකු යට කරගෙන ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවීමෙන් පසුව මෝටර් රථයේ ආ දෙදෙනකුගෙන් එක් අයෙකු එහි සවිකර තිබූ කැමරාව ගලවාගෙන පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බොරැල්ල පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවත් යතුරුපැදියේ ගමන් ගත් මරණකරු සීවලීපුර පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03