ඡන්දය භාවිත කිරීම අවම මට්ටමක වුණත්; ඉතිහාසයේ පැවති සාමකාමී මැතිවරණය මෙයයි – පැෆ්රල්

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශය 60% -65%ත් අතර අවම මට්ටමක පැවතිය ද අද (14) මැතිවරණය ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණයක් ලෙස සැලකිය හැකි බව
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා කියා සිටියේ; ඉතිහාසයේ පැවති මහ මැතිවරණ අතුරින් සාමකාමී ම මැතිවරණය මෙය ලෙස හැඳින්විය හැක්කේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම ආදිය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබූ නිසා බවයි.

දේශපාලන පක්ෂ නිදහස් අයුරින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ අතර ඡන්ද දායකයින් ද සාමකාමී අයුරින් සිය ඡන්දය ලබා දුන් බව ද පැෆ්‍රල් සංවිධානය පවසනවා.

එබැවින් ප්‍රතිශතාත්මකව අවම අගයක ඡන්දය භාවිත කිරීම පැවතිය ද මෙවර මැතිවරණය ගෞරවණීය මැතිවරණයක් ලෙස සැලකිය හැකි බවයි මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10