Indian Premier League

ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඇෆ්ගනුන්ට උසස් වීමක්

ICC එක්දින කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය පසු කර ඒමට සමත් ව තිබෙනවා.

ඒ අනුව ලෝකයේ හොඳම එක්දින කණ්ඩායම් 10 අතරට ඇෆ්ගනිස්තානය පැමිණ ඇත්තේ සිය ස්ථානය 08 බවට පත් කරගනිමින්.

ඇෆ්ගනිස්තානය තරග 37ක දී ප්‍රසාද ලකුණු 3162ක් හිමිකරගෙන තිබෙනවා.

පසුගියදා නිමාවට පත් වූ තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව දක්වනු ලැබූ දක්ෂතා මීට හේතුවක් බවයි වාර්තා වන්නේ.

මෙම ලැයිස්තුවේ පළමු තැන ඉන්දියාවට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?