ප්‍රවීණ බෙංගාලි නළු මනෝජ් මිත්‍රා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ බෙංගාලි සිනමා නළු මනෝජ් මිත්‍රා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ අද (12) පෙරවරුවේ හෙතෙම හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් කොල්කටා හි සෝල්ට් ලේක් නමැති පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බවයි.

ප්‍රතිකාර කරමින් සිටියදී මනෝජ් මිත්‍රා මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මියයන විට මනෝජ් මිත්‍රා 85 හැවිරිදි වියෙහි පසුවුණා.

මනෝජ් මිත්‍රා අතිශය ජනප්‍රිය වූයේ සිනමා අධ්‍යක්ෂක තපන් සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද බන්චරාමර් බගන් සහ සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය ඝරේ බයිරේ, ගණශාත්‍රු වැනි සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දුන් නිසාවෙන්.

ඔහු බාසු චැටර්ජි, බුද්ධදේබ් දාස්ගුප්තා සහ තරුන් මජුම්දාර් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ද රඟපෑම් කටයුතු කළා.

මිත්‍රා ටෙලිනාට්‍ය 100කට අධික ප්‍රමාණයක් ලියා ඇති අතර 1985 දී හොඳම නාට්‍ය රචකයා සඳහා වන සංගීත නාටක් ඇකඩමි සම්මානය ද දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?