සැම්සන්ගෙන් විස්සයි විස්ස වාර්තාවක්

සත්කාරක දකුණු අප්‍රිකාව පරදා පළමු විස්සයි විස්ස තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (08) සමත් වුණා.

ඩර්බන් හිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව ජයගත්තේ ලකුණු 61කින්.

මෙම තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු සංජු සැම්සන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වාර්තාවක් පිහිටුවීමට සමත් වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙකක දී පිට පිට ශතක දෙකක් වාර්තා කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින්.

සංජු සැම්සන් දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී පන්දු 50කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 107ක් රැස් කළා.

ඔහුගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.

සංජු සැම්සන් මීට පෙර බංග්ලාදේශය සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී ලකුණු 111ක් රැස් කළේ පන්දු 47කට මුහුණ දෙමින්.

මේ අතර මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ දී පිට පිට ශතක දෙකක් රැස්කර ගැනීමට ප්‍රංශ ක්‍රිකට් ක්‍රීඩක ගුස්ටාව් මැකිඕන්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලී රොසෝව් සහ එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව සංජු සැම්සන් වාර්තා අතරට එක්වන්නේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ දී පිට පිට ශතක දෙකක් රැස්කළ සිව්වැනි පිතිකරුවා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
2
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23