අමෙරිකානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අද්මිරාල් (Retd) හැරි හැරිස් (Harry Harris) ප්‍රමුඛ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මුණ ගැසී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ අද (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදු වූ බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි අමෙරිකානු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වුණා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ සාමාජිකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද,සිදු වුණු අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ද එක් ව සිටියා.

එක්සත් ජනපද නියෝජිත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නදීක කුලසේකර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මයුරි පෙරේරා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී තොරතුරු හුවමාරු කර ගැනීමේ කෙටි සංවාදයක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 11 07 at 17.01.25
WhatsApp Image 2024 11 07 at 17.01.23 2
WhatsApp Image 2024 11 07 at 17.01.23 1
WhatsApp Image 2024 11 07 at 17.01.23
WhatsApp Image 2024 11 07 at 17.01.22

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32