අධි ආරක්ෂිත මුහුදු කලාපයේ මසුන් ඇල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට

කොළඹ වරායට අයත් අධි ආරක්ෂිත මුහුදු කලාපයේ අනවසරයෙන් මසුන් ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (07) අලුයම් කාලයේ දී පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව කොළඹ වරායට අයත් අධි ආරක්ෂිත මුහුදු කලාපයේ නැව් ගමනාගමනයට බාධා වන අයුරින් අනවසර‍යෙන් දැල් ආම්පන්න භාවිතා කරමින් මසුන් ඇල්ලීම සිදු කළ සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39,42 හා 49 යන වයස්වල පසුවන පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නාවික කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47