ඔස්ට්‍රෙලියාව සිය රට තුළ ජීවත් වන වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ‘ සියලුම ගණයේ සමාජ මාධ්‍ය’ තහනම් කර තිබෙනවා.
CNN පුවත් සේවය වාර්තා කරන පරිදි මෙලෙස අවුරුදු 16ට අඩු ළමුන් හට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් රාජ්‍යය ලෙස ඔස්ට්‍රෙලියාව ඉතිහාසගත වනු ඇති.
මෙම නව නීතිය ඔස්ට්‍රෙලියානු රජය විසින් ගනු ලැබූ බව අද (07) පෙරවරුවේ දී එරට අගමැති අන්තෝනි ඇල්බනිස් (Anthony Albanese) ප්‍රකාශ කළා.
මේ වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු ව්‍යවස්ථාදයකය විසින් නව නීතියක් ද සම්පාදනය කර සම්මත කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වනවා.
ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා පැවසුවේ;
“සමාජ මාධ්‍ය අපගේ දරුවන්ට හානියක් කරනවා..” යනුවෙන්.
මෙම නව නීතිය අනුමත කර මාස 12කට පසු නීතිය බලාත්මක වන පරිදි මෙම වසරේ දී එය පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන බවත් ඒ සඳහා තමන්ට කෙටි කලක් ලබාදෙන ලෙස ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ඉල්ලා සිටියේ.
මෙම නීතිය මත දරුවන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත පැවතිය ද ඔවුන් හට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් වනු ඇති.














අපේ රටෙත් ඒ නීතිය ගෙන ආවොත් වඩාත් හොදයි.
Same law should be applied in our country as well
ඔව් ඒක ඇත්ත
ඔන්න මොලේ තියන රටට හිතැති නායකයෝ.
whatsapp මගින් පසැල් ලමුන්ට උගන්වන එක ගරු අගමැතිතුමිය තහනම් කලා වගේ සියලු සමාජ මාධ්‍යජාලා වයස අවු 16 අඩු ලමයින් සදහා වාරනය කල යුතුය. එසේ කල හොත් ඉදිරියට හෝ දරුවන් බේරාගත හැකිය.
මෙහෙමයි තහනම් කල එක හොදයි. දෙමාපියන්ගේ පාලනය යටතේ හැමදේම කරන්න ඕන. අනික ලංකාවේ එච්චර දැනුමක් නැති දෙමව්පියනුත් ඉන්න නිසා මෙය 100% සාර්ථක කර ගන්නනම් බැරි වෙයි
හොද තීරනයක්. අපේ රටෙත් මේක ක්‍රියාත්මක වෙනවානම් වඩාත් සුදුසුයි. ඒ වගේම fack accountant හදන්න අවසරයක් නොමැති වීම සදහා නීති සම්පාදනය කල යුතුයි. NIC වගේ එකක් unique ලෙස යොදාගෙන මේ කටයුත්ත කරන්න පුලුවන්. පු.ලි.දෙ. මේ සමග සම්බන්ද කරගත් පසුව මෙය වඩාත් සාර්තක කර ගැනීමටත් පුලුවන්.
Excellent. Should be same thing to our country also.
එය එසේ අනිවාර්යෙන්ම කල් යුතුය..