අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දීය ඉනිම ලකුණු 86/4යි

සංචාරක නවසීලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම පිතිකරණයෙන් අරඹා සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා.

දෙරට අතර අද (01) තරගය ඉන්දියාවේ වන්කඩේ නුවර දී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය කිවි නායක ටොම් ලැතම් හට හිමිකර දෙමින්.

ඒ අනුව ලැතම් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට‍යි.

කෙසේවෙතත් තරගයේ පළමු ඉනිම සඳහා කිවියන්ට පළමු දිනයේ; දිනය අවසන් වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 235කට දැවී ගියා.

කිවි ලකුණු පුවරුව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ඩැරිල් මිචෙල්.

මිචෙල් ලකුණු 82 ක් සහ විල් යන්ග් ලකුණු 71ක් ලබා ගත්තා.

කිවියන්ගේ කඩුලු දඩයමේ දී ඉන්දීය පන්දු බලඇණියේ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 65කට කඩුලු 05ක් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු 04කට වග කීමට සමත් වුනා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ අකාෂ් ඩීප්ටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 02ක ලකුණු 50කට පෙර දැවී ගියා.

යශස්වි ජයිස්වාල් ලකුණු 30ක් ලබාගත්තා.

අද දිනයේ දීත් අසාර්ථක වූ කින්ග් කෝලි ලකුණු 04කට ක්‍රීඩාගාරයෙන් ඉවත් වූයේ දුවද්දී දැවී යාමකට හසුවෙමින්.

අජාස් පටෙල් කඩුලු 02ක් සහ මැට් හෙන්රි කඩුල්ලක් බිඳ දැමූ අතර ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට වඩා පළමු ඉනිමෙන් තවත් ලකුණු 149ක් පසුපසින් සිටිනවා.

හෙට (02) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?