මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමට අදාළ නඩුව ගැන උසාවියෙන් තීන්දුවක්

නාරාහෙන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ නිල කාමරයේ ඉබි යතුරු දමා ආරක්ෂිතව රඳවා තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12 ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එම අංශයේ කාර්ය මණ්ඩලයේ සේවකයන් 8 දෙනෙකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ දුරකථන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අදාළ අංශයේ සේවකයන් අට දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගත යුතුව ඇති බැවින් එම වාර්තා තම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් 36052 හේමකුමාර මහතා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක් තුළ ඉබි යතුරු දමා ආරක්ෂිතව රඳවා තබා තිබූ මෝටර් රථ ලියාපදිංචි පොත් දහසක් අතුරින් පොත් දොළහක් එසේ අස්ථානගතව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව ද හේමකුමාර මහතා අධිකරණයට දැනුම්දුන්නා.

එසේ අස්ථානගතව ඇති පොත් භාවිතයට නොගත් අලුතින් මුද්‍රණය කළ පොත් බව ද පැවසූ ඒ මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39